Skip to main content
ප්‍රශ්නය

Doctor, මගේ ශිෂ්නයේ පෙර සම පිටුපසට වීමේදී ශිෂ්න මුණ්ඩයේ පහලින් ඇතුල් සම පිපිරීම් වැනි සුළු තුවාල ඇති වෙනවා. ලිංගික එකතු වීමේදී විශේෂයෙන්. දවස් දෙකෙන් පමණ සුව වෙනවා. ශිෂ්න මුඩයේ සම ඉතා සියුම් නිසා ශක්තිමත් නැති නිසා එසේ වෙනවද. කුමක් කල යුතුද මෙයට.

අසන ලද්දේ: කු*** · වයස 33

මෙයට හේතුව පෙර සම තරමක් තද වීම හෝ සම වියලි වීම විය හැකියි. ලිංගික එක්වීමේදී ලිහිසිකාරක ජෙල් වර්ගයක් භාවිතා කිරීමෙන් මෙය අඩු කර ගන්න පුළුවන්. නැවත නැවත සිදු වුණොත් දිලීර ආසාදනයක් දැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.