Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මට ජනවාරි 13 පීරියඩ් උනාට පස්සේ පෙබරවාරි 25 අද දවස වෙනකක් මට පීරියඩ් වුනේ නැහැ ...මම යූරින් එකක් චෙක් කරාට පස්සේ ඒක පොසිටිව් කියල පෙන්නුව..පෙබරවාරි 24 කරපු ස්කෑන් එකේදි බබෙක් පෙන්නන්නෙ නෑ කීවා...මට හොස්පිටල් ඇඩ්මිඩ් වෙන්න කීවා..අද යෝනි මාර්ගයෙන් ඇතුලට කැමරා එකක් දාල බලල මගෙ බබා ගිහින් තව පොඩි පොඩි කොටස් වනයක් තියෙනව කීවා..මට බ්ලීඩ් වුනේ ම නැහැ..එහෙම බබා ගිහිල්ල නම් මට දැනෙන්න ඕනි නේද ඩොක්ටර්..මගෙ පළවෙනි ප්‍රට්නන්සි එක..මට මේක ලොකු ගැටලුවක්..මට මේකට පිළිතුරක් ලබා දෙන්න..මම ඩොක්ටර්ගේ මොලර් ප්‍රග්නන්සි එක පිළිබද ලිපිය කියෙව්ව..මට එහමෙ දෙයක් ද වෙලා තියෙන්නේ

අසන ලද්දේ: ****

නැහැ. ගබ්සාවක් සිදු වෙන සැම විටම රුධිර වහනයක් හෝ වේදනාවක් දැනෙන්නේ නැහැ. Molar pregnancy තත්වයක් දැයි දැන ගන්න පුළුවන් ඉවත් කරන පටක පරීක්ෂණාගාරයට යැවීමෙන්. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.