Skip to main content
ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මගේ වයස 37 නොර්මල් බබා හම්බුනේ, බබා ලැබුනට පස්සේ දැන් අවරුදු 5 තිස්සේ මට කහින කොට කිවිසුම් යනකොට මුත්‍රා යනවා හෙම වෙලේම නෙමේ (හෙම්බිරිස්සාව /කැස්ස ) වගේ රෝගය ඇති විට පමනී. බබා හම්බුනේ ඉතාලි වලදී, ලෙඩේ මුල් කාලෙම වෛද්‍ය තුමාට පෙන්නුවා ඉතාලි වල, මාගේ වයස පොඩි නිසා ඔපරේෂන් එකකට යන්න එපා කිව්වා, තව බබෙක් හදන්න හිතන් ඉන්නවා නම් යන්න එපා ඔපෙරෂන් එකක් කරන්න, දැනට මම ඉන්නේ ඉතාලි, බබාලා ලැබීම ට බදවක්ද? වියායාම කිරීමට පුරුදු කරා එත් ප්‍රතිපල නැ, යෝනි තදකර තියාගන්න ලිහිල් කිරීම වැනි වියායාම.

අසන ලද්දේ: Ma*** · වයස 37

නැහැ. මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. කැස්ස සමග පමණක් මුත්‍රා පිටවීම ශ්‍රෝණි පතුලේ මාංශ පේශි දුර්වල වීම නිසා ඇති වෙන තත්වයක්. සැත්කමකින් පසු ප්‍රසූතියක් සිසේරියන් සැත්කමකින් කිරීමට සිදු විය හැකි නිසා දරුවන් ලැබීම අවසන් වූ පසු එය කිරීම සුදුසුයි. වයස 37 නිසා ගැබ් ගැනීම ප්‍රමාද නොකිරීම වැදගත්.