Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතියෙන් පසු යෝනි විවරය ළඟ ඇති වූ රිදෙන ගෙඩිය මොකක්ද?

What is a painful lump near the vagina after childbirth?

මම 27 හැවිරිදි එක් දරු මවක් මාගේ යෝනි මාර්ගය අසල දකුණු පසට වන්නට ගෙඩියක් ඇතිවී ඇත. මෙය මුලින්ම ඇති වූයේ මට දරුවා ලැබුනු පසුවයි දැන් දරුවාට අවුරුදු 2ක. මුලින්ම මෙයින් කිසිම අපහසුවක් හෝ වේදනාවක් ඇති වූයේ නැහැ නමුත් දැන් වේදනාවක් හා අපහසුතාවයක් ඇත. මෙය පෙර තිබුනාට වඩා වර්ධනයක්ද සිදුවෙනවා. මට දැනගන්න ඕන මෙය සාමාන්‍ය දෙයක්ද රෝගි තත්වයක්ද මම මේ සදහා ප්‍රතිකාර ගත යුත්තේ කාගෙන්ද

අසන ලද්දේ: ****

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. යෝනි විවරය අසල වේදනාකාරී ගෙඩියක් Bartholin ග්‍රන්ථියේ ගෙඩියක් හෝ ප්‍රසූතියේදී දැමූ මැසුම් ස්ථානයේ ඇති වූ ගෙඩියක් විය හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.