Skip to main content
ප්‍රශ්නය

යෝනි මාර්ගයට පිටින් ශුක්‍රාණු තැවරුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can semen rubbed on the outside of the vagina cause pregnancy?

මම මගේ පෙම්වතා සමග ලිංගික සබදතාවක් පැවැත්වුවා..ඔහු condom පාවිච්චි කලා. ඔහුට කොන්ඩමය තිබියදීම මගේ යෝනි මාර්ගය තුලම ශුක්‍රානු පිට වුනා. එක් අවස්තාවක ලිංගේන්ද්‍රියන් දෙක එකිනෙක ඇතිල්ලිමක් සිදුකලා...මා හට තවම මාසයට අදාල ඔසප් වීම සිදු වූයේ නෑ... මා හට බියක් පවතින්නේ මා ගැබ් ගෙන ඇතිද යන්නයි...වෛද්‍යතුමනි ලිංගේන්ද්‍රියන් එකිනෙක ඇතිල්ලිම මගින් පිටවන ශුක්‍ර තරලය තැවරීම මගින් ගැබ් ගැනීමක් සිදු විය හැකිද...

අසන ලද්දේ: Sh*** · වයස 26

පුළුවන්. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. නමුත් කොන්ඩමය තුලට පිට වූ ශුක්‍රාණු වලින් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.