Skip to main content
ප්‍රශ්නය

එක් වෙන හැම වෙලාවේම බිරිඳට දැඩි වේදනාවක්, මොකද කරන්නේ?

Wife has severe pain every time we try to have sex: what to do?

මාාගේ බිරිඳ සමග එකතු වීමට උත්සාහ කරන සෑම අවස්තාවකම ඇයට දැඩි වේදනාවක් ඇතිවීම නිසා ඇය සමග එකතුවීමට නොහැකි වි ඇත..විවාහයට පෙර ස්පර්ශයකින් වුවද ඇයගේ යෝනිමාර්ගය අදික ලෙස තෙත් වීම සිදුවිය...නමුත් විවාහ වු දින සිට එය බොහෝ ලෙස අඩුවී ඇත...ඇගේ යෝනි විවරයද පිටතන් බැලූවිට කුඩාවට පෙනේ...මේ සඳහා කලයුත්තේ කුමක්ද

අසන ලද්දේ: Sa*** · වයස 30

මෙය වැජිනිස්මස් තත්වයක් විය හැකියි. බියක් හෝ වේදනාවක් නිසා යෝනි මාර්ගය වටා ඇති මාංශ පේශි තද වී ලිංගික එක්වීම අපහසු වෙනව. යෝනි මාර්ගය කුඩා වීමක් මෙයට හේතුව නොවෙයි. මෙය ප්‍රතිකාර මගින් සුව කල හැකි තත්වයක්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.