Skip to main content
ප්‍රශ්නය

මාසික ඔසප් නැවතී මාස 5කට ආසන්නයි. මුලදී කුඩා ලක්ෂණ පෙන්නුම් කලද, කල්යත්ම සියල්ල සාමාන්‍යයි. මා හට දැනගැනීමට අවශ්‍ය වන්නේ, මා ප්‍රථමයෙන් හමුවිය යුත්තේ කවුරුන්වද යන්නයි.ප්‍රසව නාරි විශේෂඥ කෙනෙක්ද? නැතහොත්, මා වසන ප්‍රදේශයේ සිටිනා බවට පවසන, මෙම කරුණු පිළිබඳ කටයුතු කරන නිලධාරීන්වද යන්නයි.

අසන ලද්දේ: Ro*** · වයස 31

මුලින්ම ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලන්න. පොසිටිව් නම් ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී ලියාපදිංචි වී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න. නෙගටිව් නම් මාස 5ක් ඔසප් වීම සිදු නොවීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.