Skip to main content
ප්‍රශ්නය

අපි එකතු වුනේ නොවැම්බර් 28.29 වෙනිදා postinor 2 tablet එක හරි වෙලාවට ගත්තා.පස්සේ menses වුනා දෙසැම්බර් 5 වෙනිදා.දවස් 3 තිබ්බා.දවස් දෙකකට වගෙ පස්සෙ හවස කරකැවිල්ල ගතියක් එක්ක වමනෙ ආවා.ඒ වෙලේ විතරයි.දැන් දවස් 2 වගෙ මුකුත්ම ලක්ෂණයක් නෑ.ඒත් 3 වෙනි දවසෙ පොඩි උගුරෙ අමාරුවක් තියෙනවා.මේක ගර්භණීවීමට හැකිද? නැත්නම් වෙන ප්‍රශ්නයක් ද?

අසන ලද්දේ: M.*** · වයස 27

නැහැ. Postinor නියමිත වේලාවට ගෙන ඉන් පසු ඔසප් වීමක් සිදු වී ඇති නිසා බොහෝවිට ගැබ් ගෙන නැහැ. කරකැවිල්ල සහ වමනය මෙතරම් ඉක්මනින් ගර්භණී බවේ ලක්ෂණ ලෙස ඇති වෙන්නෙ නැහැ. තහවුරු කර ගැනීමට ලිංගික එක්වීමෙන් සති තුනකට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න.