Skip to main content
ප්‍රශ්නය

Dr.මගෙ මෙන්සස් සයිකල් එක රෙගියුලර් නෑ.මෙන්සස් උනාම මාස දෙක තිබ්බ කාලත් තියනව ඒ වගේ ම මාස හතර පහක් හැදෙන්නෙ නැතුවම හිටපු කාලත් තියනව.ඩොක්ට කෙනෙක්ට පෙන්නුවම තයිරොක්සින් ගන්න කිව්වා.මම මැරි කළේ මේ අවුරුද්දෙ මැයි මාසෙ.අපි බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.මැරි කළාට පස්සෙ ඉඳන් හැම මාසෙම 11 මෙන්සස් උනා.. හැබැයි මේ මාසෙ මෙන්සස් උනේ නෑ.වමනය ,කැරකැවිල්ල වගේ ලක්ෂණ තිබ්බා.9 වෙනිදා ස්පොටින්ග් තත්ත්වයක් තිබ්බා.ටිකක් තද බඩේ කැක්කුමක් එක්ක කොන්දෙ කැක්කුමක් තිබ්බ නිසා ඩොක්ට කෙනෙක්ට පෙන්නුවම සැර අඩු බෙහෙත් දීල hcg ටෙස්ට් එකක් කරගන්න කිව්වා.අපි 18 ටෙස්ට් එක කළා ටෙස්ට් එක නෙගටිව්....බඩේ අමාරුවත් ටික ටික අඩු වෙලා ගියා.හැබැයි අප්පිරිය ගතිය තිබ්බා. hcg ටෙස්ට් එක කළා කලින් වැඩියි ද මම.නැත්නම් මම ප්‍රෙග්නන්ට් නෙමෙයි ද?

අසන ලද්දේ: ****

ඔසප් වීමට නියමිත දිනයෙන් සතියකට පසු කල hCG පරීක්ෂණය නෙගටිව් නම් ඔබ බොහෝවිට ගැබ් ගෙන නැහැ. වමනය වැනි ලක්ෂණ වලින් පමණක් ගර්භණී කියල සලකන්න බැහැ. තවදුරටත් ඔසප් වීම සිදු වී නැති නම් සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.