Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම වෙනුවට ලේ බිංදු කිහිපයක් විතරක් පිටවෙන්නේ ඇයි?

Why did I get only spotting instead of my period?

වෛද්‍යතුමනි,
මට මෙන්සස් හැදෙන්න තිබ්බේ ජූලි මස 24 දින(සාමාන්‍යයෙන් මට දින 24 ක වරක් ඔසප් චක්‍රයක් පවති).නමුත් දින 04ක් කාලයක් ඔසප් වීම ප්‍රමාද වුනා.ඔසප් වීමට නියමිත දිනයට පෙර සිට මාහට උදෑසන වමනය ආහාර ඇරුචිය,නිදිමත,වෙහහෙස වැනි ලක්ෂණ සතියක් පමණ තිබුණා. වෛද්‍යතුමනි මට ජුලි 28 වන දින සිට දින 2 1/2 පමණක් ලේ බිංදු දෙක තුනක් වශයෙන් පිටවුණා.නමුත් මා හට ඔසප් දිනවල මෙන් කිසිදු අපහසුතාවක්(යටි බඩෙහි අධික වේදනාව)දැනුනේ නැත.සාමාන්‍ය දිනයක් මෙන් මාහට දැනුනි.සාමාන්‍යයෙන් මා හට ඔසප් වු විට දින 05ක් වගේ පවති. මා මේ පිළිබඳව මාගේ පෞද්ගලික වෛද්‍යවරයාට පැවසු අතර Pregentcy test කලද එයද Negative විය.HCG blood test - Negative විය.නැවත හරයටම සති 02 කට පසු එනම් අගෝස්තු මස 12 වන දින පෙර පරිදිම රුධිර බිංදු 02 03 ක් වශයෙන් පිට වෙනවා.වෛද්‍යතුමණි මා වැඩිවියට පත් දිනයේ සිටම මා හට නිසි අයුරින් ක්‍රමවත් ඔසප් චක්‍රයක් පවති.මේ වැනි සිදු වීමක් වුයේ ප්‍රථම වරටය.මා විවාහ වී මාස 08 ක් පමණ වන විට අප විවාහ වු දා සිට දරු සම්පත් බලාපොරොත්තුවෙන් පසු වෙනවා.මේ සඳහා මා හට පිළිතුරක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා

අසන ලද්දේ: ****

රුධිර hCG පරීක්ෂණය නෙගටිව් නම් ඔබ ගැබ් ගෙන නැහැ. එක් චක්‍රයක ඔසප් වීම වෙනුවට සුළු රුධිර බිංදු පිටවීම බොහෝවිට එම මාසයේ ඩිම්බ පිටවීම සිදු නොවීම නිසා ඇති වෙන හෝමෝන වෙනසක්. ඊළඟ චක්‍රයේත් මෙසේ වුණොත් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.