Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම දවස් 3න් ඉවර වෙන එක ප්‍රශ්නයක්ද?

Is it a problem if my period lasts only 3 days?

ඔසප් වීම මාසිකව සිදුවනවා නමුත් එය දවස් 3 කින් ඉවර වෙනව ඒක මොකක් හරි ප්‍රශ්නයක්ද?

අසන ලද්දේ: ****

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. ඔසප් වීම දින 2 සිට 7 දක්වා පැවතීම සාමාන්‍ය වන අතර රුධිර ප්‍රමාණය අඩු වීම රෝගී තත්වයක් හෝ ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. ඔසප් චක්‍රය දින 21 සිට 45 අතර ක්‍රමවත්ව සිදු වෙනව නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.