Skip to main content
ප්‍රශ්නය

ඩොක්ට මන් මැරී කරලා අවුරුදු 6ක විතර මට බබාලා දෙන්නෙක් මිස්කරේජ් උනා පලවෙනි බබා හිටියෙත් බැදලා අවුරුද්දකට පස්සේ ඒ බබා මාස දෙකෙන් විතර නැති උනා දෙවැනි බබා අයෙත් අවරුදු දෙකකට පස්සේ වගේ හිටියේ ඒ බබත් හාර්ඩ් එක වැඩ කරන් නෑ කියලා සැක්න් එකෙන් කිව්වා ඒ බබා මාස තුනට සතියක් තියලා නැති උනා. ඊට පස්සේ ආයේ මට හිටියේ නැහැ මන් vog ඩොක්ටර් රත්නසිරි සර් ගාවට තමයි ගියේ කාසල් එකේ ප්‍රිය්වට් මට කිව්වේ ස්කන් කරලා ඩිම්බ මොරන් නෑ කියලා ඒවාට බේත් බිව්වා මගේ බර අඩු කරගන්නත් කිව්වා මන් මහතය් බර 80 තියේ උස 156 තියේ අනේ මට කියන්නකෝ ඩොක්ටර් මට ඒ නිසාද බබාලා පරක්කු මට වෙන ප්‍රශනයක් තියෙනවා කියලා කිව්වේ නෑ මන් ඩිම්බ මොරන්ඩ බේත් මාස දෙකයි බිව්වේ මන් දෙවැනි පාර ප්‍රෙග්නට් උනා මට පිළිතුරක්‍ දෙන්න මන් මානසිකව ගොඩක් විදවනවා. ඇයි මට බබාලා හිටින් නැත්තේ කියලා ඩොක්ටර්

අසන ලද්දේ: දි*** · වයස 28

බොහෝවිට ඔබේ බර වැඩි වීම නිසා ඩිම්බ මේරීම සිදු නොවීම ප්‍රධාන හේතුවයි. ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගැනීම තමයි හොඳම ප්‍රතිකාරය. ගබ්සා දෙකක් සිදු වී ඇති නිසා ඊට හේතු සොයා බැලීමට පරීක්ෂණ කරවා ගැනීම ගැනත් ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් ලබා ගන්න.