මම හා මගේ පෙම්වතිය ජූලි මාසයේ 1,2 යන දෙදින තුල හමුවූවා. මා විසින් මාගේ ශිශ්ණය ඇයගේ යෝනි මාර්ගය අවට අතුල්ලමින් සිටියා. ඇයගේ කන්යා භාවය තවමත් එලෙසින්ම ඇත. මම හා ඇය ලිංගිකව එකතු වූයේ නැත. මම ඇයගේ යෝනි මාර්ගය අසල ශුක්රාණු යැවුයේ නැත. එහෙත් ඇයගේ ඔසප් සිදුවන දිනට එය සිදු නොවී ඇත. මෙයට අප කරන්නේ කුමක්ද. ගැබ් ගැනීමක් සිදු විය හැකිද.
ශුක්ර තරලය පිට නොවුණත් ශිශ්නයෙන් පිටවෙන පූර්ව ස්රාවයේ ශුක්රාණු තිබිය හැකි නිසා යෝනි මාර්ගය අවට ඇතිල්ලීමෙන් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. ඇයගේ ඔසප් වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?