Skip to main content
ප්‍රශ්නය

මගේ උස අඩි 5 අඟල් 6ක් වගේ බර 90kg මට ඔසප් වීම හිටපු ගමන් ක්‍රමවත් වෙනවා දැන් අවුරුද්දක් වගේ ඉඳන් මාස 2න් 2ට වගේ උනේ ඊට පස්සෙ මාස 4 කින් වගේ ආයේ හැදුනා.එතකොට සති 2ක් 3ක් වගේ කාලයක් ගියා නතර වෙන්න. මට දැනගන්න ඕනෙ ඒක අසාමාන්‍ය තත්වයක් ද ප්‍රතිකාර ලබාගත යුතුද නැත්තම් එයට කලබල විය යුතු නැද්ද කියලා

අසන ලද්දේ: ****

මාස 4කට වරක් ඔසප් වී සති 2ක් 3ක් රුධිර වහනය පැවතීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. බොහෝවිට හේතුව බර වැඩි වීම සමග ඇති වෙන PCOS වැනි තත්වයක්. බර අඩු කර ගැනීම තමයි හොඳම ප්‍රතිකාරය. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.