Skip to main content
ප්‍රශ්නය

ඔසප් චක්‍රය මාසෙන් මාසේ දින 28ත් 40ත් අතර වෙනස් වෙන්නේ ඇයි?

Why does my cycle vary between 28 and 40 days each month?

ඩොක්ටර් මම විවාහ වෙලා මාස 3ක් වගේ වෙන්නේ මට විවාහ වෙන්න කලින් ඉදලා මෙන්සස් වෙන එක හරියට වෙන්නේ නැ
ඒ කියන්නේ මාසෙන් මාසේ වෙනවා ඒත් එක මාසයක් දින 28න් ඊලග මාසේ දින 40 වගේ තමයි වෙන්නේ ඒ මොකද ඩොක්ටර් එහෙම වෙන්නේ

අසන ලද්දේ: ඉස*** · වයස 27

දින 21 සිට 45 දක්වා ඔසප් චක්‍රයක් සාමාන්‍ය තත්වයක් නිසා මෙය රෝගී තත්වයක් නොවෙයි. ඔසප් චක්‍රයේ දෙවන කොටස ස්ථිර නිසා චක්‍රය දිගු වෙන මාස වල ඩිම්බ පිටවීම ප්‍රමාද වෙනව. ඒ නිසා සරු කාලය හරියටම ගණනය කරන්න අපහසු වන අතර සතියකට දෙවරක් පමණ එක්වීම ප්‍රමාණවත්. මාස 6ක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් ඩිම්බ මේරීම පරීක්ෂා කර බැලීමට වෛද්‍ය වරයෙකු හමුවන්න.