Skip to main content
ප්‍රශ්නය

සංසර්ගයේ යෙදී දින කීයක් පසුද ගැබ් ගැනිම සිදු වන්නේ?

අසන ලද්දේ: පව*** · වයස 35

ලිංගික එක්වීමෙන් පසු ශුක්‍රාණු දින 5ක් දක්වා සජීවීව තිබෙන අතර ඩිම්බය පිටවූ දිනයේ හෝ ඉන් පසු දින දෙක තුල සංසේචනය සිදු වෙනව. සංසේචනය වූ කලලය දින 6-7ක් තුල ගර්භාෂයේ තැන්පත් වෙනව. ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට එක්වීමෙන් සති 3-4කට පසු, ඔසප් වීම ප්‍රමාද වූ විට, මුත්‍රා පරීක්ෂා කර බලන්න.