Skip to main content
ප්‍රශ්නය

වෛද්‍ය තුමනි මම සහ මගේ පෙම්වතිය මීට මසකට පමණ පෙර ( මාර්තු 14) එකට හිටියා! නමුත් කිසිම වෙලාවක ලිංගිකව එක් වුනේ නැහැ. නමුත් මාගෙ යට ඇඳුමේ ඉතා සුළු වශයෙන් ශුක්‍ර තරලය දක්නට ලැබුනා!(බින්දුවක් පමණ) තරලය එම පිටවූ සැනින් එය මගේ පෙම්වතියගේ යෝනියේ ගෑවීම ගැබ් ගැනීමට හේතුවක්ද??? ලිංගාශ්‍රිත පෙදෙසේ ඉහල කොටසේ ගෑවීමෙන් ගැබ් ගැනීමට පුළුවන්ද?

අසන ලද්දේ: ****

කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. නමුත් යට ඇඳුමේ තැවරුණු බිංදුවක් පිටතින් ස්පර්ශ වීමෙන් ගැබ් ගැනීමට ඇති අවදානම ඉතා සුළුයි. ඇයගේ ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.