Skip to main content
ප්‍රශ්නය

නිසි ලෙස එක් නොවී ගැබ් පරීක්ෂණය පොසිටිව් නම් ගැබ් ගෙනද?

Test positive without full intercourse - could I be pregnant?

වෛද්‍ය තුමනි මට ඔසප් වෙන්න තිබුන දිනයට ඔසප් වුනේ නැහැ. ඒ වගේම මට ගැබ් ගැනීම පිලිබද පරීක්ෂනයක් කලා එකත් පොසිටිවු නමුත් මට වෙනත් කිසිම ගැබ් ගත්තායයි සිතිය හැකි කරැනක් කොහෙත්ම නැහැ මම මගේ සහ කරැ සමග නිසි ආකාර ලින්ගිකව එක්වීමක් සිදු වුනෙත් නැහැ. මට පැහැදිලි කරන්න පුලුවන්ද මේ දේ පිලිබදිව ගැබ් ගැනීමක් ද වෙනත් රොගී තත්වයක්ද යන් වග

අසන ලද්දේ: is*** · වයස 24

මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් බොහෝවිට ඔබ ගැබ් ගෙන තිබෙනව. ගැබ් ගැනීමට සම්පූර්ණ ලිංගික එක්වීමක් අත්‍යවශ්‍ය නැහැ, කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. කලාතුරකින් වෙනත් රෝග තත්වයක් නිසා පරීක්ෂණය පොසිටිව් වෙන අවස්ථා තිබෙන නිසා ස්කෑන් පරීක්ෂණයකින් දරු ගැබ ගර්භාෂය තුල පිහිටා ඇතිදැයි බලා ගන්න.