Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමෙන් සතියකට පසු යටි බඩ රිදීම, කළු ලේ බිංදු එන්නේ ඇයි?

Cramps and dark spotting a week after the period stopped: why?

මගේ වයිෆ්ගෙ ඔසප් වීම නැවතිලා දැනට සතියක් විතර වෙනවා නිතර නිතර යටි බඩේ කොර වීමක් එනවා තවද දැන් පොඩි ළියේ ලේ බින්දු කිහිපයක් කළුපාටට ඇවිත් තියෙනවා ..මේ ඇයිද කියා නිසි තොරතුරක් මහා ලබාදෙන්න

අසන ලද්දේ: ****

ඔසප් වීම ප්‍රමාද නම් මුලින් මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය පොසිටිව් නම් වේදනාව සහ රුධිර වහනය නිසා දරු ගැබ ගර්භාෂය තුල පිහිටා ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයකින් බැලිය යුතුයි. ඔසප් වීම අවසන් වී සතියක් පමණ නම් මෙය ඩිම්බ පිට වන කාලයේ ඇතිවන සුළු රුධිර වහනයක් සහ වේදනාවක් විය හැකියි. වේදනාව තද වුණොත් හෝ රුධිර වහනය වැඩි වුණොත් වහාම රෝහලට යන්න.