Skip to main content
ප්‍රශ්නය

මම මගේ කන්‍යාපටලය පරීක්ෂා කිරීමට බිම වාඩිවී මුත්‍රා කරන ඉරියව්වෙන් වාඩි වී, කන්‍යාපටලය හොදින් පෙනෙන්නට යෝනි තොල් ඉදිරියට හා දෙපසට තදින් ඇද පරීක්ෂා කලා. ටමය බොහෝ වාර ගනනක් කලා.(50) වතාවක් පමන.මේ නිසා මගේ යෝනි විවරය විසාල විය හැකිද ?

අසන ලද්දේ: ****

නැහැ. යෝනි තොල් දෙපසට ඇද බැලීමෙන් යෝනි විවරය විශාල වෙන්නෙ හෝ කන්‍යා පටලයට හානියක් වෙන්නෙ නැහැ. යෝනි මාර්ගය තුලට යමක් ඇතුළු වුවහොත් පමණයි එයට බලපෑමක් වෙන්නෙ. කන්‍යා පටලයෙන් කන්‍යාභාවය පරීක්ෂා කිරීම විද්‍යානුකූල ක්‍රමයක් නොවෙයි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/182-hymen-virginity.php