ඩොක්ට මම අප්රේල් මාසයේ 7 වෙනිදා විවාහ විමට සිටින තරුණියක්. මම විවාහ විමට සිටින කෙනාට වයස 35ක්. යොජිත විවාහයක්. අවුරුදු 1 1/2ක් පමන ඇසුරු කරලා තිබුනත් ලිංගික ක්රියාවේ යෙදිලා නෑ.. බාහිරව තුප්ත්රිමත් වෙලා තියෙන නමුත් ලොකු දේවල් කරලා නෑ... ඊයේ දිනයේ බාහිරව ලිංගික ක්රියාවෙ යෙදුනා. එතකොට මටත් එයාටත් තේරුනා එයාගෙ ලිංගය ටික වේලාවකින් අප්රානික වෙනවා.. ශුක්රානු පිට වුනත් ටිකයි පිට වුනේ.. එයා කිව්වා අවුරුදු 5කට කලින් ශුක්රානු වේගයෙන් පිට වුනා කියලා.. අවුරුදු ගානක් ඇසුරු කලත් අපි ලොකුවට කිසිම දෙයක් කලේ නෑ.. මන් එයාගෙන් ඇහුවා මිට කලින් එහෙම ඉදලා තියෙනවාද කියලා මේ අවුරුදු 35ටම ලිංගික ක්රියාවේ යෙදිලා නෑ.. ස්වයං වින්දනය අවුරුදු 2කට කලින් කර බව මට පැවසුවා.. අලුත විවාහ වෙන මට බයයි. ඔහු ලිංගික ක්රියාවෙ යෙදෙන විට ඔහු පමනයි.තෘප්තිමත් වෙන්නෙ.
බාහිර ලිංගික ක්රියාවකදී ශිෂ්ණය ඉක්මනින් අප්රාණික වීම හෝ ශුක්ර තරලය අඩුවෙන් පිටවීම මත රෝගයක් සැක කරන්න බැහැ. බොහෝවිට මෙයට හේතුව කලබලය සහ අත්දැකීම් නොමැතිකම. විවාහයෙන් පසුත් ලිංගික එක්වීම අපහසු නම් දෙදෙනාම ලිංගික සෞඛ්ය පිළිබඳ වෛද්ය වරයෙකු හමුවන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?