වෛද්යතුමනි, මීට පෙර කිසිම ආකාරයක ලිංගික එක්වීමක් සිදුකර නැතත් ප්රථම වතාවට මගේ සහ මගේ පෙම්වතාගෙ කැමැත්ත මත අපි හමු වුණා. එහිදී කලවා සංසර්ගයක් සිදු වූ නමුත් රුධිරය පිටවීමක් සිදුවූ නිසා කනකන්යාපටලට හානි සිදුවූවාදැයි බියෙන් පසුවෙමි. නමුත් ඔහු පැවසූයේ ඔහුගේ ශිෂ්ණය තුවාල වී තිබූ බවකි. එදින හෝ පසුදින මට කිසිදු අපහසුතාවයක් නොතිබුණි. මාගේ කන්යාපටලයට හානි සිදු වී දැයි දැනගන්නේ කෙසේද? එය මට තනිවම පරික්ශා කල හැකිද?
නැහැ. කලවා අතර සංසර්ගයකින් කන්යා පටලයට හානියක් වෙන්නෙ නැහැ. යෝනි මාර්ගය තුලට යමක් ඇතුළු වුවහොත් පමණයි එයට බලපෑමක් වෙන්නෙ. තනිවම පරීක්ෂා කර බැලීම අපහසුයි. අවශ්ය නම් වෛද්ය පරීක්ෂාවකින් කන්යා පටලය පිහිටා ඇතිදැයි පැවසිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?