Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු පිට නොවී එන අවර්ණ දියරයෙන් ගැබ් ගන්න පුළුවන්ද?

Can the clear fluid released before ejaculation cause pregnancy?

යෝනි මාර්ගයට ශිෂ්නය සුලු පමාණයකට වැදුනා නමුත් ශුකාණු පිටවූයේ නෑ නමුත් අවර්න දියරයක් පිට වූවා එහි ශුකරානු තිබිය හැකිද එ මගින් ගැබ් ගත හැකිද

අසන ලද්දේ: රශ*** · වයස 19

පුළුවන්. ශුක්‍ර තරලය පිට වීමට පෙර පිට වෙන එම තරලයේ ශුක්‍රාණු අඩංගු විය හැකියි. ඒ නිසා එයින් ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.