Skip to main content
ප්‍රශ්නය

වියළි ශිෂ්ණය අත ගාලා ඇඟිල්ල යෝනියට දැම්මොත් ගැබ් ගන්නවද?

Can a finger that touched a dry penis get me pregnant?

Docter meeta sathiykta klin mage pemvatha ශිශ්නය ස්පර්ශ කර මගේ යෝනිය තුලට ඇගිල්ල ඇතුලු කලා.ඒ වෙලාවේ ඔහුට කිසිදු තරලයක් ශ්‍රාවය වී තිබුනේ නෑ..ශිශ්නය වියලි ස්වභාවයකින් තිබුනේ..එසේ ඇගිල්ල ඇතුලු කිරීමෙන් මා ගැබ් ගන්නවාද

අසන ලද්දේ: ****

නැහැ. ශුක්‍ර තරලයක් පිට වී නැති නම් සහ ශිෂ්ණය වියලිව තිබී ඇත්නම් ඇඟිල්ල මගින් ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුළු වීමට හැකියාවක් නැහැ. ඒ නිසා මෙයින් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. සැකයක් ඇත්නම් ඔසප් වීම ප්‍රමාද වුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න.