Skip to main content
ප්‍රශ්නය

බබා ලැබිලා මාස කිහිපයකින් ආයෙත් ගැබ් ගත්තද දැනගන්නේ කොහොමද?

How do I know if I'm pregnant again a few months after delivery?

Dr. Mata baba labila tama masa 2i. Api aae ekatu una ආරක්ෂිත උපක්‍රම anuwa.. eth mata daws 4ta passe wamanaya okkaraya olwakakkuma hedenna gatta. hariyata palaweni baba lebeddi denuna vidhatama... mta dena ganna one mn aae pregnat welada.. eka denaganna vidhak.. kiyana. Dr. Tama palaweni baba podi nisa.. tikak mata advice ekak ganna pulwanda...

අසන ලද්දේ: Aa*** · වයස 27

ලිංගික එක්වීමෙන් දින 4කින් ගැබ් ගැනීමේ රෝග ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ. ඒවා ඇති වෙන්නෙ සති 6කට පමණ පසුවයි. දරු ප්‍රසූතියෙන් පසු නැවත ඔසප් වීමට පෙර වුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙන නිසා ලිංගික එක්වීමෙන් සති 3කට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න. එතෙක් සුදුසු උපත් පාලන ක්‍රමයක් ගැන පවුල් සෞඛ්‍ය සේවිකාව සමග සාකච්ඡා කරන්න.