Skip to main content
ප්‍රශ්නය

කොන්ඩම් දාලා එක්වුණාම ගැබ්ද කියලා ඉක්මනින් දැනගන්නේ කොහොමද?

How soon can I know if I am pregnant after sex with a condom?

ඩොක්ටර් මට ගැටලුක් තියෙනවා මට දැනගන්න පුලුවන් ද මම 01/12 මම ලිංගිකව එකතු විමක් උනා මට සැකයක් තියෙනවා මට ගැබ් ගැනිමක් සිදු වෙලාද කියලා හැබැයි අපි ගොඩක් අරක්ශා උනා condoms 3 වගෙ එක සැරේ use කරා එත් මට පොඩි සැකයක් තියෙනව. මට එක හරියටම දැනගන්න පුලුවන් ද එහෙම දෙයක් වෙලාද නැත්තම් ගැබ් ගැනිමක් සිදු වෙලා නැද්ද කියලා එක දැන ගන්න මොකක් ද කරන්න ඔනෙ ඩොක්ටර් අදට දවස් 5ක් වෙනවා මට ඉක්මනින් මේ ගැන දැනගන්න ක්‍රමයක් නැද්ද ඩොක්ටර්

අසන ලද්දේ: ****

කොන්ඩම් නිවැරදිව භාවිතා කල නම් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. දින 5කින් ගැබ් ගෙන ඇත්දැයි දැන ගත හැකි ක්‍රමයක් නැහැ. ඔසප් වීමට නියමිත දිනය පසු වූ පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.