වෛද්ය තුමනි. මා 2023 වසරේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින 25 හැවිරිදි තරුණියක්මි. සති එක හමාරකට පෙර පසුගිය දිනක මාගේ පෙම්වතා සමග සිටින අවස්ථාවකදී ඔහුගේ ශුක්රාණු මාගේ යෝනී ප්රදේශයට අගල් 3 ක් පමණ පහලින් මාගේ ඩෙනිම් කලිසමෙහි තැවරුණි. මා ඩෙනිම් කලිසමට අමතරව යට ඇදුම් ද හැද සිටියෙමි. පසුව ඒවා හොදින් පිසදා ඩෙනිම් කලිසමට උඩින් වතුරෙන් ද සෝදා දැමුවෙමි. ඊට අමතරව යෝනී ප්රදේශය ඇල්ලීමක් කිසි විටකත් සිදු නොවිණි. නමුත් මා එම ඩෙනිම් කලිසම පැය 8 ක් පමණ හැද සිටියෙමි. එම සිදුවීම සිදු වන විට මා මාගෙ මාසික ඔසප් වීමේ 5 වන දිනයෙහි පසු වුණෙමි. ඉන් පසු දින 2ක් ද සාමාන්ය ආකාරයට මට ඔසප් වීම සිදු වුණි. ( සාමාන්යයෙන් ඔසප් වීම මා හට දින 6ක් 7 ක් පමණ පාවතී.) එම සිදු වීම නිසා මා ගැබ් ගැනීමේ අවදානමක් තිබෙද? අද වන විට මාගේ යටි බඩ ප්රදේශයද විටින් විට රිදීමට ලක් වේ. ක්ලාන්ත ගතියක් වැනි දෙයක් ද ඇති වේ යැයි සිතේ. මානසික පීඩනය නිසා එසේ සිදුවේද? පිළිතුරක් අපේක්ෂා කරමි.
නැහැ. ඇඳුම මතට ශුක්රාණු තැවරීමෙන් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. ඒ සඳහා ශුක්රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු විය යුතුයි. යටි බඩේ වේදනාව මේ සිදුවීම සමග සම්බන්ධ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?