Skip to main content
ප්‍රශ්නය

ඔසප්වීම ප්‍රමාද වී අදට දින 42යි. උදෑසන නිරාහාරව urine sample එකක් පරීක්ෂා කළා. යාන්තමින් රතු පැහැති ඉරක් දැක්කා. මම pregnant ද කියලා හරියටම දැනගන්න මුලින්ම VOG doctor කෙනෙක් ළඟටම යන්න ඕනෙද? නැත්නම් OPD doctor කෙනෙක් ළඟට යන එක ප්‍රමාණවත් ද?? වෛද්‍ය තුමනි මාගේ පලමු අත්දැකීම නිසා සාමාන්‍ය ගැටලුවක් ලෙස නොසලකා කාරුණික පිළිතුරක් ලබාදෙන්න.

අසන ලද්දේ: ****

යාන්තමින් පෙනෙන ඉරක් පොසිටිව් ලෙස සලකන්නේ නැහැ. පොසිටිව් වෙන්නෙ ඉරි දෙකම එක ලෙස තද පාටින් පෙනෙන විටයි. සතියකින් නැවත උදෑසන මුත්‍රා පරීක්ෂා කර බලන්න, නැතිනම් රුධිරයේ hCG හෝමෝන පරීක්ෂණයකින් දැන්ම දැන ගන්න පුළුවන්. ගැබ් ගැනීමක් තහවුරු කර ගැනීමට විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවීම අත්‍යවශ්‍ය නැහැ. ඕනෑම වෛද්‍ය වරයෙකුට ස්කෑන් පරීක්ෂණයක් මගින් දරු ගැබ තහවුරු කර සායනයට යොමු කරන්න පුළුවන්.