Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මන් ව්වාහ වෙලා.මට වයස 22.කලින් ඔසප් වෙද්දී රුදිරය සාමාන්‍ය විදිහට පිට වුනා.ඒත් මේ මාසයේදී ඔසප් වීමේදී රුදිරය පිට වන්නේ සැරින් සැරේ ඉතාමත් මද වශයෙන් ..වෙනදාට වඩා බඩ ගොඩක් රිදෙනවා රුදිරය පිට වෙන්නේ නැති නිසා.ඩොක්ටර් එහෙම වෙන්නෙ ඇයි ..මේකට බෙහෙත් ගන්න ඕනිද ..? මේක ලෙඩක්ද.?

අසන ලද්දේ: Su*** · වයස 22

මුලින්ම මුත්‍රා පරීක්ෂා කර ගැබ් ගෙන නැති බව තහවුරු කර ගන්න. නෙගටිව් නම් එක් මාසයක පමණක් මෙසේ සිදු වීම බොහෝවිට සාමාන්‍ය තත්වයක්. මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් හෝ තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.