Skip to main content
ප්‍රශ්නය

කලලයේ දින ගණනය සිදුවෙන්නේ ඔසප් වීම සිදු වු අවසාන මාසයේ සිටද? නැත්නම් කලලය තැන්පත්ව ඔසප් වීම නතර වු මාසයේ සිටද

අසන ලද්දේ: Sa*** · වයස 24

අවසන් වරට ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිටයි දරු ගැබේ සති ගණන් කරන්නේ. ඒ අනුව දරුවා ලැබීමට නියමිත දිනය වෙන්නෙ එම දිනයේ සිට සති 40ක් පසු වූ විටයි. ඒ නිසා මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙන විටත් දරු ගැබට සති 4ක් පමණ වී තිබෙනව.