Skip to main content
ප්‍රශ්නය

මට දැනට කිසිදු ගැටලුවක් නොමැතිව ලිංගික සංසර්ගයේ යෙදීමේ හැකියාවක් තිබෙනවා. මම දැන් මගේ පළමු විවාහයෙන් වෙන් වී නැවත විවාහයක් කරගෙන තිබෙන්නේ. මගේ පැරණි කසාදයේ දරුවන් දෙදෙනෙක් ද සිටිනවා. මම නව විවාහය කරගෙන තවම සතියයි. මට නැවත දරුවන් මගේ නව බිරිදගෙන් බලාපොරොත්තු විය නොහැකිද? දියවැඩියාව සාමාන්‍ය මට්ටමින් තිබෙන අතර එය පාලනය කරගෙන තිබෙනවා. මේ සදහා ඔබතුමාගෙන් කාරුණික පිලිතුරක් අපේක්ෂා කරමි.

අසන ලද්දේ: ඩබ*** · වයස 51

පුළුවන්. පිරිමියෙකුගේ ශුක්‍රාණු නිපදවීම වයසත් සමග ක්‍රමයෙන් අඩු වුවත් සම්පූර්ණයෙන් නතර වෙන්නේ නැහැ. පාලනය වූ දියවැඩියාව ඊට බාධාවක් නොවෙයි. අවුරුද්දක් උත්සාහ කලත් ගැබ් නොගත්තොත් ශුක්‍රාණු පරීක්ෂණයක් කරවා ගන්න.