Skip to main content
ප්‍රශ්නය

මම අවිවාහක අයෙකි. මට වයස අවුරුදු 26. ඔෂප් වීම මස 3කට එක සැරයක් හැදෙන්නේ. ඒ හැදුනත් එක දවසයි තියෙන්නේ, මොකද කරන්න ඕනේ එකට , වැඩිවියට පත්වුනාට පස්සේ (වයස 13), ටික කාලයක් මෙන්සස් ආවේ නැහැ එතකොට කාසල් හොස්පිටල් එකට ගිහින් පෙන්නුවා , බෙහෙත් බිව්වට පස්සේ හරි ගියා . නමුත් දැන් හරියට මාසෙන් මාසෙට එන්නේ නැහැ, ඇයි DOCTOR එහෙම වෙන්නේ ?

අසන ලද්දේ: ****

බොහෝවිට මෙයට හේතු වෙන්නේ PCOS වැනි හෝමෝන අසමතුලිත තත්වයක්. ඔබ අවිවාහක නම් මාස තුනකට වරක් ඔසප් වීම නිසා සිරුරට හානියක් වෙන්නෙ නැහැ. ශරීරයේ බර වැඩි නම් ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගැනීම තමයි හොඳම ප්‍රතිකාරය. හේතුව දැන ගැනීමට ස්කෑන් සහ හෝමෝන පරීක්ෂණ කරවා ගන්න පුළුවන්.