මම 2021 මාර්තු මස මාසික ආර්තවය ප්‍රමාද වීම නිසා voG doctor කෙනෙක් හමුවුණා . මා මගේ කොවිඩි පළමු මාත්‍රාව 2021 පෙබරවාරි ලබාගත් පසුව මාසික ආර්තවය සිදු නොවීම නිසා මා . ප්‍රතිකාර ලබා ගැනීමට පෙළඹිණි . ප්‍රතිකාර සදහා යොමු වු විට ස්කැන් පරීක්ෂාවක් මගින් හඳුනා ගත්තේ ඩිම්බ කෝෂ වල ගෙඩි නිර්මාණය වී ඇති බවයි . එහිදී මාහට බෙහෙත් නියම කර මාගේ මාසික ආර්තවය නිසි ක්‍රමවත් භාවයට පත් වුණි . නමුත් නැවත වරක් 2021 සැප්තැම්බර් මස නැවත වරක් මේ දක්වා මාගේ මාසික ආර්තවය ප්‍රමාද වී ඇත . මේ සදහා ගත යුතු පියවර කවරේද? මා හට පැහැදිලි කරන්න . ඔබ ගාල්ල ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර කිරීමට පැමිණෙන නම් මා හට ඔබ ගේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය වේ.
මුලින්ම මුත්‍රා පරීක්ෂණයකින් ගැබ් ගෙන නැති බව තහවුරු කර ගන්න. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීමෙන් සිරුරට හානියක් නැහැ; බර වැඩි නම් බර අඩු කර ගැනීම හොඳම ප්‍රතිකාරයයි. දුර සිට උපදෙස් ලබා ගැනීමට වීඩියෝ මගින් හමුවිය හැකියි.
https://sugabi.lk/video-consultation/
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?