Skip to main content
ප්‍රශ්නය

පැලෝපීය නාල පුළුල් කරන්න එන්නතක් තියෙනවද?

Is there an injection to open up the fallopian tubes?

Dr. pelopeeya nala palal wenna kiyala gahana injection ekak thiyanawad?? eka parak eaka karala babek lebenna awoth... digatama eaka karanna onada??

අසන ලද්දේ: Di*** · වයස 39

නැහැ. ලැපරොස්කොපි වැනි දියුණු පරීක්ෂණ ක්‍රම නොමැති කාලයේ ගැබ්ගෙල හරහා සේලයින් වැනි තරලයක් නික්ෂේපනය කර එය ගමන් ගන්නා ආකාරය අනුව පැලෝපීය නාල වල අවහිරතා ඇතිදැයි සොයා බැලීම සිදු කලා. නමුත් දැන් එවැනි පරීක්ෂණ සිදු කරන්නේ නැහැ. පැලෝපීය නාල වල තත්වය සොයා බැලීමට හොඳම ක්‍රමය ලැපරොස්කොපි සහ හිස්ටරොස්කොපි පරීක්ෂණ එකවර සිදු කිරීමයි. එහිදී පැලෝපීය නාලවල සමහර සියුම් අවහිරතාවයන් හිස්ටරොස්කොපි මගින් නිවැරදි කිරීමට හැකියාව තිබෙනව.