Skip to main content
ප්‍රශ්නය

කිරි දෙන කාලයේ ඔසප් නොවුණොත් ආයෙත් ගැබ් ගෙනද?

If periods stop while breastfeeding, could it be pregnancy?

මගෙ බබාට දැන් මාස 5.සිසේරියන් සැත්කමකින් ලැබුනෙ.බබා ලැබි දෙවැනි, තුන්වෙනි මාස වල මෙන්සස් උනත් දැනට මාස දෙකකින් මෙන්සස් උනේ නෑ .අන්තිමට උනේ ජුලි 9.බබාට කිරි දෙනවා .exsersice කරනවා.මෙන්සස් නොවුනෙ ඒනිසද?නැත්නම් මාස හයක් යන්නත් කලින් අයෙත්,pregnant වෙලාද .මුකුත් පරීක්ෂණයක් කලේ නෑ .තාම කිරි දෙන නිසා .එහෙම වෙන්න පුළුවනද ඩොක්ට?බර 70kg.මිතුරි පෙති ගත්තෙ නෑ මහත්වෙන නිසා .මෙයට පිලිතුරක් ලබා දෙන්න.ස්තුතියි .

අසන ලද්දේ: රා*** · වයස 32

කිරි දෙන නිසා මුල් මාස 6 තුල ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. මවු කිරි දෙන නිසා උපත් පාලන පෙති එතරම් සුදුසු නැහැ. සාර්තක වෙනත් උපත් පාලන ක්‍රමයකට යොමු වෙන්න. මුත්‍රා පරීක්ෂාකර ගර්භණී දැයි සැක හැර දැන ගන්න පුළුවන්.