Skip to main content
ප්‍රශ්නය

එක්වීමෙන් පස්සේ ඔසප් වුණා නම් ගැබ් ගැනීමක් වෙලා නැද්ද?

If a normal period came after sex, can I still be pregnant?

මම මගේ පෙම්වතා සමග පලමු වරට ලිංගිකව එක් විය. මා එය සිදුකලේ මාගේ ඔසප් දිනයන්හි 5 වන දිනය. පලමු අවස්ථාවේ ඔහු කොන්ඩමයක් භාවිතා කලේ නැත. වැඩි කාලයක් රැදී සිටියේ ද නැත. පූර්ව ශුකාණු මගින් ගැබි ගන්නා බව පැවසේ.මා ඔහු සමග ලිංගිකව එක් වීමෙන් පසු සතියේ නැවත ඔසප් විය.පවතින ගැටළුව වන්නේ ඔහුගේ පූර්ව ශුකාණු හේතුවෙන් මා ගැබ් ගනීද යන්නයි.

අසන ලද්දේ: Sh*** · වයස 23

සංසර්ගයෙන් පසු ඔබට සාමාන්‍ය පරිදි ඔසප් වීම සිදුවුනි නම් ඊට හේතුව ගැබ් ගෙන නොතිබීමයි. තවදුරටත් සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.