Skip to main content
ප්‍රශ්නය

ඇඟ උණුසුම වැඩි නිසාද දරුවෙක් නොලැබෙන්නේ?

Is high body heat the reason for not conceiving?

Sir mage wayasa 23, semiyata 30.. api marry karala auruddai. Api ikmnin daruwek balaporoththu unath thawama daruwek ne.. man kisima palana kramayak anugamanaya karanneda ne.. husband nam kiyanne mage ege ushne wedilu.. e nisalu daruwek pihitanne neththe.. sir me getaluwata karanne kumakda..

අසන ලද්දේ: Sa*** · වයස 23

ශරීර උෂ්ණත්වය සහ මදසරු බව ගැන බොහෝ දෙනෙක් විමසා සිටිනව. ඇඟේ උෂ්ණත්වය
සාමාන්‍ය දැයි උණ කටුවක් භාවිතයෙන් තොරව බටහිර වෛද්‍ය විදාවේ පරීක්ෂා කරන
ක්‍රමයක් නැහැ. උණ රෝග තත්වයක් ඇතිනම් ඊට ප්‍රතිකාර තිබෙනව. එසේ නොමැතිව
දරුඵල ප්‍රමාදවීමට කාන්තාවගේ ශරීර උෂ්ණත්වය හේතුවක් ලෙස බටහිර වෛද්‍ය
විද්‍යාවේ සලකන්නෙ නැහැ.

ඒ වගේම උෂ්ණ ආහාර ලෙස සලකන බොහෝ මස් සහ මාළු
වර්ග ආහාරයට එක් කර ගැනීමෙන් රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම අඩුවන නිරක්තිය
නිසා ගැබිණි මවට සහ දරුගැබට විය හැකි සංකූලතා වලක්වාගන්න පුළුවන්.