Skip to main content
ප්‍රශ්නය

ඔසප් වී දවස් 10කින් ආයෙත් ටිකක් ලේ ගියොත් දරු ඵලට බාධාද?

Is light bleeding 10 days after a period a risk to fertility?

වෛද්‍යතුමනි, මම අවිවාහකයි. මගේ ඔසප් චක්‍රය අක්‍රමවත්. කාලයක සිට මාසික ඔසප් වීම සිදුවූ දින සිට දින 10 කට පසුව නැවතත් සුළු වශයෙන් ඔසප් වීමක් සිදුවේ. මෙය ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු දෙදෙනෙකුටම පෙන්විය. Scan එකකුත් කළා. ඔවුන් පැවසූයේ ගැටලුවක් නොමැති බවයි. මේ වසරේදී මා විවාහ වීමට නියමිතය. මෙය දරුවන් ලැබීමේදී ගැටලුවක් වේද?

අසන ලද්දේ: දර*** · වයස 38

පරීක්ෂණ සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ. ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.