Skip to main content
ප්‍රශ්නය

එක පැලෝපීය නාලයකින් ආයෙත් ගැබ් ගන්න පුළුවන්ද?

With only one fallopian tube, can you conceive again?

මට ඇති ගැටලුව මා සති පහක ගැබිනි මවක්වි මාගේ බබා හැදි ඇත්තේ පැලොපියන්නාලය තුලය එම නිසා මාහට දරැවා සමග දකුණු පැලොපියන් නාලය ශල්‍ය කර්මයක් මගින් ඉවත් කරන ලදි එය මාහට ඉදිරියටත් දරැවන් ගේ බලා පොරොත්තුව පෙර ලෙසම වේද? නැතහොත් එවැනි තත්වයක් නොපැමිණිමට කල යුත්ත කුමක්ද? මා ගේ උදරය සිසෙරියන්ශල්‍ය කර්මයක් සිදු කර ඇත .එම නිසා යලි බබෙක් ලැබිමට සාමාන්‍ය ලෙස සිදුවේද? තව ශල්‍ය කර්මය සිදු කල දින සිට මාහට නින්ද නොයැමක් ඇත එය යම්කිසි රොගයක්ද? නැතහොත් වේදනාව අඩු විමසමග නින්ද යැම සාමන්‍ය වේද? මට යලිත් එක නාලයකින් ගැබිනි මවක් විමමට හැකිද?

අසන ලද්දේ: කෞ*** · වයස 31

එක පැලෝපීය නාලයක් සාමාන්‍ය පරිදි ක්‍රියා කරයි නම් එය ගැබ් ගැනීමට ප්‍රමාණවත්. සිසේරියන් සැත්කමකට පසු නැවත සාමාන්‍ය දරු ප්‍රසූතියකට යාමට හැකියාව තිබෙනව. නමුත් එහිදී හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට ඇති ඉඩ කඩ වැඩියි. ශල්‍යකර්මයෙන් පසු වේදනාව සහ මානසික ආතතිය නිසා නින්දට බාධා ඇතිවෙන්න පුළුවන්.