කිරි දෙන කාලයේ ඔසප් වීම නැති වීම රෝගයක්ද?
Is it a problem if periods stop while breastfeeding?
මට මාස 6ක බබෙක් ඉන්නවා. බබා ලැබුණට පසුව එක මාසයකදී පමණක් ඔසප් වීම සිදුවුණ අතර නැවත සිදු නොවුණි. මෙම කාලය පුරාවට සැමියා සමග ලිංගික සබදතාවයක් නොතිබුණි. ඔසප් වීම සිදු නොවීම රෝගයක්ද? නැවත ඔසප් වීම කෙදිනක සිදුවීමට හැකිද? පිළිතුරක් ලබා දෙන්නේ නම් කෘතඥ වෙමි.
නැහැ. මව් කිරි දෙන මවකට මාස හයක් පමණ ඔසප් වීම සිදු නොවෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය දෙයක්. නැවත ඔසප්වීම සිදුවෙන දිනය ස්ථිරවම කිව නොහැකියි. තව මාස දෙකක් ඇතුලත ඔසප්වීම සිදු නොවුන හොත් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?