Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මාගේ ප්‍රථම දරුවා සති 12නුත් දෙවැනි දරුවා සති 8නුත් ගබ්සා වුනා. මේකට හේතුව කුමක්ද?? නැවත උත්සහ කිරීමට කොපමණ කාලයක් ගත යුතුද?? නැවත උත්සහ කිරීමට පෙර අනුගමනය කල යුතු වෙනත් ක්‍රියාමාර්ග මොනවාද??

අසන ලද්දේ: Di*** · වයස 23 · 905 views

පිළිතුර

බොහෝ විට මෙවැනි ගබ්සාවන්ට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. ඒ නිසා නැවත එවැනි තත්වයන් ඇති වීමට ඇති හැකියාව අඩුයි. කෙසේ වෙතත් නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.