Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යය තුමනි මා විවාහ වි දැනට මාස 7වන අතර අප ඉක්මනින් දරැවකු බලාපොරොත්තු වේ. මා උපත් පාලන ක්‍රම භාවිත නොකරයි. එහෙත් තවම ප්‍රතිපල නොමැත . ඔසප් විම දැනට වසරක පමන කාලයක සිට දින 1:1/2 පමණක් පවති. වෛද්‍යය තුමනි මා වැඩිවිය පැමිනුනේ වයස 14 . මාගේ වම් පාදය පමනක් වයස 15සිට neuro fibromas නැමති රෝගිි තත්වය නිසා ශෛල්‍යකර්ම 4ක් සිදු කර ඇත .ඒ හැර වෙනත් කිසිදු රෝගි තත්වය ක් නොමැති අතර මැතකදි කරන ලද mri පරික්ෂාවෙන් පැවසුවේ කලින් කරන ලද ශෛල්‍යකමෙයේදි එම ගෙඩියෙන් සුලු කොටසක් තවමත් මාගේ කලවා ප්‍රදේශයේ පවතින බවයි .මේ පිලිබදව ප්‍රදේශයේ vog doctor හමු වුවද ස්කැන් පරික්ෂාවක් සිදු කර කිසිදු ප්‍රශ්නයක් නොමැති බව පවසයි මාගේ සැමියාගේ පවුලේ අයද මේ පිලිබදව නිතරම විමසිම නිසා මා මානසික වදයකි වෛද්‍යය තුමනි අප දෙදෙනා ද ඉක්මනින් දරැවකුලබා ගැනිමට ඉතාමත් කැමැත්තෙන් සිටිමි මා මෙයට යහපත් පිලිතුරක් බලාපොරොත්තුවෙමි

අසන ලද්දේ: Di*** · වයස 27 · 975 views

පිළිතුර

මේ ගැන වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් තොරව නිවැරදි පිළිතුරක් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.