Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම මාස 3කට වරක් වෙන්නේ ඇයි?

Why do periods come only once in three months?

වෛද‍්‍යතුමනි,
මාගේ වයස අවුරුදු 27.විිවාහා වී අවුරුදු 8 වන අතර දරුවෙකු සෑදිමට සැලසුම් කලේ මෙම වසර මුල් මසයෙදි. නමුත් ඔසප් චක්‍රය අක්‍රමවත් විය​.ජනවරි මස සිට මාස 3ක් එය සිදු නොවිනි.පසුව වෛද්‍යවරයෙකු හමුවිමි.වෛද්‍ය වරයා දුන් බෙහෙත් ගෙන දින 5කින් ඔසප් විය​.පසුව එය යථා තත්වයට පත්වු අතර නැවත මාස 3කින් ඔසප් විම නැවථතුනි.එය මාස 2ක් පරක්කු වුනු අතර නැවත වෛද්‍ය උපදෙස් පතන්නට සිදුවුනි.තයිරොයිඩ් පරීක්ශනයක්ද සිදු කල අතර එය සමාන්‍යය​. දරුවකු බලපොරොත්තුවෙන් සිටින මා හට මෙය මහත් ගැටලුවක් වී ඇත​.මෙය කුමන තත්වයක්දැයි වටහා දෙන්න​.මම මැද පෙරදිග රටක ජීවත් වෙමි.මෙහි වෛද්‍ය පහසුකම් ලබා ගනීම අසීරු වන අතර වෛද්‍යවරු බෙහෙත් ලබා ගැනීමට ගිය විට පරීක්ශා කර ැබෙහෙත් ලබා දීම සිදු කරයි.හේතු පැහැදීමක් ඔවුගෙන් ලබා ගැනීම අසීරුය​,කරුනකර මා හට පහදා දෙන්න​.

අසන ලද්දේ: sa*** · වයස 27

ඔබගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට හේතුව ශරීරයේ මාසිකව සිදුවිය යුතු හෝමෝන වෙනස්කම් නිසි පරිදි සිදු නොවීමයි. මෙයට බර වැඩිවීම සහ ඩිම්බ කෝෂ වල අසාමාන්‍යතා බලපානව. ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගන්න. ඩිම්බ කෝෂවල ඩිම්බ මේරීමේ ක්‍රියාවලිය උත්තේජනය කිරීමට ඖෂධ අවශ්‍ය වෙන්න පුළුවන්.