කාන්තාවකට
ඔසප් වීම කියන්නෙ අළුත් අත්දැකීමක් නොවෙයි. නමුත් ඒ නිසා පීඩාවට පත් වෙන කාන්තාවන්
බොහොමයක් සිටිනව. වයස අවුරුදු 30 – 50 අතර සෑම කාන්තාවන් 20 දෙනකුට එක් අයෙක් ඔසප්
වීම සමග අධික රුධිර වහනය නිසා ප්‍රතිකාර ලබා ගන්නව. මේ ලිපියේ අරමුණ වෙන්නෙ ඔසප්
වීම සමග ඇතිවෙන අධික රුධිර වහනයට හේතු වෙන කරුණු සහ ඉන් මිදීමට ඇති ප්‍රතිකාර ක්‍රම
පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි.සාමාන්‍ය
කාන්තාවකගේ ඔසප් වීම චක්‍රයක් ආකාරයෙන් මසකට වරක් සිදුවෙන අතර එහිදී දින කිහිපයක්
සාමාන්‍ය රුධිර වහනයක් පවතිනව. පිටවෙන රුධිර ප්‍රමාණය සහ ඔසප්වීම පවතින දින ගණන
එක් එක් කාන්තාවට වෙනස් වෙන්න පුළුවන්. නමුත් එම රුධිර
වහනය කාන්තාවගේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් වන ලෙස අධික නම් ඊට ප්‍රතිකාර ලබා
ගැනීම අවශ්‍ය වෙනව.ඔසප් චක්‍රයේ
අවසානයේදී සිරුරේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන සාන්ද්‍රණය අඩුවීමත් සමග ගර්භාෂයේ ඇතුළත
බිත්තිය නැතිනම් එන්ඩොමෙට්‍රියම් කියන සෛල ස්තරය බිඳ වැටීමට ලක්ව ඔසප් වීම ආරම්භ
වෙනව. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් දින කිහිපයකින් අවසන් වෙන අතර සිරුරට හානිකර
ප්‍රමාණයකින් රුධිර වහනය වෙන්නෙ නැහැ. නමුත් සමහර අසාමාන්‍ය තත්වයන් නිසා රුධිර
වහනය ස්වභාවිකව නතර නොවීමට හෝ රුධිර වහනය වෙන ප්‍රමාණය අධික වෙන්න පුළුවන්. මෙයට
හේතු වන තත්වයන් නම්.1. ඔසප් චක්‍රයේහෝමෝන ක්‍රියාවලියේ අසමතුලිත බව. සාමාන්‍යයෙන් මල්වර වීම ආසන්නයේ සහ ආර්ථවහරනයට
පෙර කාල සීමාවේ දී ස්වභාවිකව ඔසප් චක්‍රයේ හෝමෝන අසමතුලිත බවක් පවතිනව. ඒ නිසා
අධික රුධිර වහනය මල්වරවූ දැරියන් අතර සහ ආර්ථවහරනයට ආසන්න කාන්තාවන් අතර සුලබව
දක්නට ලැබෙනව. ඊට අමතරව පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් (PCOS) තත්වය
වැනි රෝග තත්වයන් නිසාත් මෙලෙස හෝමෝන අසමතුලිත බවක් ඇති වෙන්න පුළුවන්.2. ගර්භාෂයතුල ෆයිබ්‍රොයිඩ් ගෙඩි පැවතීම (Fibroids). ගර්භාෂයේ මාංශ පේෂී බිත්තියේ ඇතිවෙන
ෆයිබ්‍රොයිඩ් ගෙඩි අධික රුධිර වහනයට හේතුවක් වෙන්න පුළුවන්. මෙම ගෙඩි පිහිටන
ස්ථානය සහ එ්වායේ විශාලත්වය අනුව රුධිර වහනය සිදුවෙන ප්‍රමාණය වෙනස් වෙනව. 3...