කහිනවිට සිනාසෙන විට ඉබේ මුත්‍රා පිටවෙන තත්වය සුවකරන TOT ශල්‍යකර්මය (Surgery for stress incontinence)

Stress urinary incontinence ලෙස හඳුන්වන්නේ මුත්‍රා පාලනය කිරීමට අපහසු වෙන තත්වයක්. කහින විට කිවිසුම් යන විට, හිනා වෙන විට හෝ බර වැඩක් කරන විට පාලනයකින් තොරව මුත්‍රා පිටවීම බොහෝ කාන්තාවන් අත්දකින රෝග තත්වයක්. මින් මිදීමට ඇති වෛද්‍ය හා ශල්‍යකර්ම නො වෙන ප්‍රතිකාර ගැන මීට පෙර ලිපියක තොරතුරු දැක්වෙනව. මෙම ලිපියේ අරමුණ පාලනයකින් තොරව මුත්‍රා පිටවෙන තත්වය සුව කල හැකි mid urethral sling operation කියන ශල්‍යකර්මය ගැන තොරතුරු ගෙන ඒමයි.

මෙම රෝග තත්වයට හේතු වෙන්නෙ මුත්‍රා මාර්ගයේ මුල කොටස අවට පටක ශක්තිමත් නො වීමයි. එවිට මුත්‍රා පිටවීම වළක්වා ගැනීම අපහසු වෙනව. දරුවන් ලැබීමට පසු සහ වයසත් සමග බොහෝ කාන්තාවන්ට මේ තත්වය ඇතිවෙනව. මුත්‍රා මාර්ගයේ මෙම කොටස ඉතා කුඩා පටියක් යොදා නැවත නියමිත ස්ථානය ඔසවා තැබීම මෙම ශල්‍යකර්මය මගින් සිදු කරන්නේ. මෙම පටිය මුත්‍රා මාර්ගය ඔසවා නියමිත ස්ථානයේ පවත්වා ගන්නා නිසා ඉන් පසු කහින විට කිවිසුම් යන විට සිනා වෙන විට හෝ බර වැඩක් කරන විට මුත්‍රා පිටවීම සිදු වෙන්නෙ නැහැ.

tot

මේ සඳහා යොදා ගත හැකි ශල්‍ය කර්ම වර්ග කිහිපයක් තිබෙන අතර ලංකාවේ බහුලව ම භාවිතා කරන්නේ Trans Obturator Tape (TOT) කියන ශල්‍ය කර්මය. මෙම ශල්‍ය කර්මය සඳහා සිහි නැති කිරීමට අවශ්‍ය නැහැ. සිසේරියන් සැත්කමක දී මෙන් හිරිවැටීමට නික්ෂේපණයක් ලබා දී මෙම ශල්‍යකර්මය සිදු කල හැකියි. එහිදී යෝනි මාර්ගය ඇතුළත සෙන්ටි මීටරයක ප්‍රමාණයේ ඉතා කුඩා කැපුමක් යොදා එය තුලින් මුත්‍රා මාර්ගය ඔසවා තබන සියුම් පටියක් ඇතුළු කරනව. ඇතුල් කරන සියුම් දිය වෙන මැහුමක් පිටතට ගැනීමට ඉකිළි ප්‍රදේශය දෙපස මිලි මීටර 4ක පමණ කුඩා කැපුම් දෙකක් යොදනව.

යෝනි මාර්ගය ඇතුළත යොදන දිය වෙන මැහුම් නැවත ඉවත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සති කිහිපයකින් මේවා ඉබේම දිය වී යනව. සමහර විට ශල්‍යකර්මයෙන් පසු සුදයාමක් හෝ සුළු රුධිර වහනයක් ඇතිවිය හැකියි.

මුත්‍රා පිට කිරීම පහසු වීම සඳහා බටයක් දැමීම සමහර විට අවශ්‍ය වෙනව. නමුත් මෙය පැය 24කට පෙර ඉවත් කිරීමට හැකියි. බොහෝ විට මෙම ශල්‍යකර්මයෙන් පසුව එදින ම හෝ පසු දින රෝහලෙන් බැහැර යාමට හැකියාව තිබෙනව. කලාතුරකින් මුත්‍රා පිට කිරීමේ යම් අපහසු බවක් ඇතිවුවහොත් එක් දිනකට වඩා රෝහලේ සිටීමට සිදු විය හැකියි.

මෙම ශල්‍ය කර්මයෙන් පසු ඇතිවෙන වේදනාව අවමයි. බොහෝ විට සරල වේදනා නාශක ඖෂධ වලින් පමණක් මෙය සමනය කර ගැනීමට හැකියාව තිබෙනව. ශල්‍යකර්මයෙන් පැය 4ක් පමණ වෙන විට සාමාන්‍ය ලෙස ආහාර පාන ගැනීමට ඔබට හැකියාව ලැබෙනව.

මෙම සැත්කමෙන් පසුව ගැබ් ගැනීමක් සිදුවුවහොත් දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමකට යොමු වීම වඩාත් සුදුසුයි. එම නිසා නැවත ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන තරුණ කාන්තාවකට මෙය එතරම් සුදුසු ශල්‍ය කර්මයක් නොවෙයි. එවැනි කාන්තාවන්ට ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් මුත්‍රා පාලනය යථා තත්වයට පත් කිරීමට හැකියාව තිබෙනව. එහිදී ලැපරොස්කොපි ශල්‍ය උපකරණ යොදා ගෙන සියුම් ලෙස මුත්‍රා මාර්ගය දෙ පසින් මැහුම් කිහිපයක් යොදා මුත්‍රා මාර්ගය නියමිත ස්ථානයට ඔසවා තබනව. මෙම ශල්‍යකර්මය laparoscopic colposuspension ලෙස හඳුන්වන අතර ඉන් පසු නැවත ගැබ් ගැනීමට හෝ සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු කිරීමට බාධාවක් නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
3D-4K-Laparoscopy
වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.

covid-vaccine-pregnancy
Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

POPULAR POSTS
emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

Nutrition
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)

hymen-virginity
කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න

Early-pregnancy-vog
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )

ivf
දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)