Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි මා විවාහ වී අවුරුදු 2 කි. ඒ කාලය තුල දෙවරක් ගැබ්ගත් අතර දෙවාරදීම මාස දෙකකට පෙර දරු ගැබ ඉවත් වූ අතර, එය ජානමය හේතුවක් නිසා සිදුවනු ඇති බවයි වෛද්‍යවරයා පැවසුවේ. (මාගේ මාසික ඔසප්වීම දින 28 කට වරක් ක්‍රමවත්ව සිදු වේ.) 1. මෙය සනාථ කර ගැනීමට පරීක්ෂණ පවතීද?එසේ නම් ඒ මොනවාද? 2. ඉදිරි ගැබ් ගැනීම් වලදීද මෙම තත්වය ඇති වේද? 3. මේ සඳහා මා යොමු විය යුතු ප්‍රතිකාර ක්‍රම මොනවාද? 4. ආයුරුවේද වෛද්‍ය විද්‍යාව අනුව මෙය ශරීරයේ අධික උෂ්ණත්වයේ බලපෑමෙන් සිදුවේ... එය සත්‍යක්ද?

අසන ලද්දේ: වත*** · වයස 30 · 631 views

පිළිතුර

මේ සඳහා ජාන පරීක්ෂණ සහ වෙනත් පරීක්ෂණ තිබෙනව. නැවත එසේ විමට ඇති අවදානමක කලින් ගබ්සා වීමට හේතු වූ කරුණු අනුව වෙනස් වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. පරීක්ෂණ සාමාන්‍ය නම් විශේෂ ප්‍රතිකාර දැනට අවශ්‍ය නැහැ. ශරීර උෂ්ණත්වය මෙයට බලපාන්නෙ නැහැ.