Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍ය තුමනි මා සති 20 ක ගර්භනි කතක් වන අතර කටාර් හි වාසය කලෙමි. හිටි හැට්යේ ඇතිවු වේදනාවක් නිසා වෛද්‍යවරිය හමු වු විට මා ස්කෑන් පරික්ෂණයකට යොමු කල පසු දැක ගත හැකි වුයේ දරැවාගේ පෙනහලු මොලය හා බෙල්ලෙහි යම් දියරයක් පවතින බවයි . එහිදි බිලිදා ගැන බලාපොරත්තු තබා ගත නොහැකි බව පැවසිය එය multiple cutyc hygroma තත්වයක් ලෙස ද දැන ගතිමි පසුව ලංකාව පැමිනි මා තවත් වෛද්‍යවරයකු හමුවු අතර එහිදි දරැවා තවමත් ජීවත්ව සිටින බවත් ඔහු ක්රමයෙන් මියයනු ඇති බවත් දැන ගතිමි .. මා දැන් අතරමංව ඉදිරියේදි සිදුවන දෙය ලෙස බලා සිටිමි වෛද්‍යතුමනි මට ඇති ගැටලුව වන්නේ මෙම තත්වටය හේතුව genetic ජානමය ගැටලුවක් වුවහොත් ඉදිරියේදි මවක විමට ඇති බිය හා දුකය . එවැනි ගැටලුවකදි Down syndrome සහිත දරැවන් ලැබෙන බව මා අසා ඇත මාද සැමියාද ලේ නැයන් නොවන අතර මාගේ ලේ වර්ගය A+ ද වේ මා ඉදිරියේදි සිදු කල යුත්තේ කුමක්දැයි නොදනිමි . ලංකාවේ මෙවැනි තත්වයන් ගැන පරික්ෂාකරන තැන් හෝ වෛද්‍ය වරැන් ගැන උපදෙසක් පතමි . දරැවා මියයන තුරැ නිවසට වි මග බලා සිටින්නට සිදුව ඇති මට නැවත නිරෝගි දරැවකු ලැබේදැයි ඇත්තේ අතිශය බියකි . මා හට මග පෙන්වනු මැනවි

අසන ලද්දේ: හං*** · වයස 35 · 874 views

පිළිතුර

නැවත එවැනි තත්වයක් ඇතිවේදැයි ජාන පරීෂාවකින් තොරව පැවසීම අපහසුයි. මේ සම්බන්ධ සියලු පරීෂාවන් ලංකාවේ සිදු කරන්න පුළුවන්.