Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ පහත් වීම කියන්නේ මොකක්ද? බය වෙන්න ඕනද?

What is a low-lying placenta, and is it dangerous?

වැදැමහා පහත් වීම යනු කුමක්ද? මා දැනට මාස 4 ක ගැබිනියකි මාගේ වැදැමහා පහත් වීඇතැයි scan කල පසු පැවසුවා එය බිය විය යුතු ගැ⁣ටලුවක්ද ඒ නිසා කුමක් සිදුවේද ? එම නිසා ලිංගිකව එක්වීම නොකල යුතුද? ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

අසන ලද්දේ: Am*** · වයස 31

ගර්භෂායේ ගෙල කොටස ආසන්නව වැදෑමහ පිහිටීම මේ ලෙස හඳුන්වන්නෙ. මේ තත්වය නිසා හදිිසියේ රුධිර වහනයක් සිදුවිය හැකියි. ඒ නිසා ලිංගික එක් විම සුදුසු නැහැ. මේ තත්වය වෙනස් විය හැකි නිසා නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් වැදෑමහ පිහිටි ස්ථානය වෙනස් වී ඇතිදැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය වෙනව.