නම: නි***� | වයස: 36
ගැටළුව

වෛද්‍යතුමණි, මා විවාහවී දැනට වසර 5 කි. මා හට දැනට ගබ්සාවීම් 5 ක් සිදුවී ඇත. ගබ්සාවීම් 4 කට පසු මා හට APLS ඇති බව දැනගත් අතර 5 වන ගැබ්ගැනීමෙන් පසු Asprin හා Enoxaparin 40mg දිනපතා ලබාගන්නා ලදි. මාස 5 කට පසු එයද ගබ්සා විය. 1. මැහුමක් යෙදීමෙන් ගබ්සාවීම් වලක්වා ගත හැකිද? 2. Asprin පමණක් භාවිතා කර ගබ්සාවීම් වලක්වා ගත හැකිද? 3. වෙන්ත් අයෙකුගේ ඩිම්බ භාවිතා කර IVF ක්‍රමයට ගැබ්ගතහොත් ඉහත ඖෂධ භාවිතා කළ යුතුමද? 4. Enoxaparin වෙනුවට භාවිතා කළ හැකි ගිලින පෙති හෝ දියර වර්ග තිබේද?

පිළිතුර


1. මේ තත්වයට මැහුම් යෙදීම අවශ්‍ය නැහැ.
2. පුළුවන්. නමුත් ඖෂධ දෙකම ලබා ගැනීම වඩා ප්‍රතිඵලදායකයි.
3. ඔව්
4. නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)