Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකේ සති ගණන අඩුවෙන් තිබුණොත් බබා හෙමින් වැඩෙනවද?

If the scan gives fewer weeks, is the baby growing slowly?

වෛද්‍ය තුමනි මාගේ දෙවන ස්කෑන් පරික්ෂණයේදි කලලයේ ප්රමාණය 62.83 mmලෙස සටහන් වූ අතර ඊට අදාල වයස ලෙස සති 12 දින දෙකක කාලයක් සටහන් ව තිබුණි නමුත් මා ස්කෑන් පරික්ෂණය සදහා යොමු වූයේ අවසන් ඔසප් දිනයේ සිට සති 13ක් සහ දින දෙකක කාලයකදිය නමුත් සති 13 වන විට කලලයේ ප්රමානය අගල් 3ත් 4ත් අතර විය යුතු බව මා අසා ඇත්තෙමි මාගේ ගැටලුව වන්නේ මෙහි අර්තය මාගේ සරුවා සෙමින් වැඩෙන බවද ඔහුගේ බර ප්රමාණවත් නොවන බවද ? ස්තුතියි

අසන ලද්දේ: හං*** · වයස 34

නැහැ. මෙය සාමාන්‍යයි. ස්කෑන් පරීක්ෂණයේදී දරුවාගේ ප්‍රමාණය අනුව අනුමාන කරන සති ගණන ඔබට වෛද්‍ය වරයා පවසනව.